දෙමටගොඩ කමල්ට අයිති ගිනි අවි දෙකක් සමග දෙදෙනක් අත්අඩංගුවට

2010 වසරේ දී ඝාතනයට ලක් වුණු ප්‍රබල සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන දෙමටගොඩ කමල්ගේ පිස්තෝල අවි දෙකක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින්.

විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (17) දිනයේදී ඔවුන් දෙදෙනාව හොරණ හා හංවැල්ල යන පොලිස් බල ප්‍රදේශවල දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඝාතනයට ලක්වු දෙමටගොඩ කමල් නැමත්තා සතුව තිබු චෙකොස්ලෝවැකියාවෙි නිෂ්පාදිත අති නවීන මිලිමීටර් 9 ප්‍රමාණයේ CZ වර්ගයේ පිස්තෝල දෙකක් හා එම අවියට යොදන පතොරම් ගැබ් 02 ක් ඔවුන් සතුව තිබී සොයාගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා හොරණ හා හංවැල්ල පොලිස් ස්ථානය වෙත යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.