දිවයින පුරා පාසල් ඊයේ (27) දිනයේ නොපැවැත්වීමට ගත් තීරණය සම්බන්ධයෙන් කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවෙන් කිසිදු විමසීමක් සිදුකර නොමැතිබව එම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අජිත් විජේමාන්නගේ උපුටා දක්වමින් අරුණ පුවත්පත වාර්තා කර ඇත .
පවතින කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින් පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවෙන් කිසිදු උපදෙසක් ලබාගෙන නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් හෝ පවත්වා නොමැති බවත් ඔහු සඳහන් කර ඇති බවයි එම වාර්තාවේ දැක්වෙයි .
ඔර්නබ් සුළි කුණාටුව ක්රමයෙන් ඉන්දියාව දෙසට ගමන් කරමින් පැවතීම නිසා ශ්රී ලංකාවට එමඟින් ඇතිවන බලපෑම ක්රමයෙන් අඩුවෙමින් පවතින බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.