මහනුවර ලෙක්සිකන් ජාත්‍යන්තර පාසලේ හත් හැවිරිදි සිසුවෙකු පාසලේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකුට අයත් වාහනයකට යටවීමෙන් මිය ගොස් ඇත . අද (12) පෙ.ව. 11.30 ට පමණ පාසල් පරිශ්‍රය තුළ මෙම අනතුර සිදුවී ඇති පොලිස් වාර්තා සනාත කරයි .
ජලය පානය කරමින් සිටි පාසල් සිසුන් දෙදෙනෙකු වාහනයේ ගැටී ඇති බවත්, සිද්ධියෙන් ඇති වූ තුවාල හේතුවෙන් එක් දරුවෙකු මිය ගිය බව එම වාර්තා පවසයි . අනතුරින් තුවාල ලැබූ අනෙක් සිසුවා ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
පාසලේ අධ්‍යක්ෂවරයෙකු ද වන වාහනයේ හිමිකරු කියා සිටියේ වාහනය නවතා එයින් බැසීමෙන් පසු අනතුර සිදු වූ බවයි.
වාහනයේ රියදුරු දැනටමත් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු හෙට මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.