පළාත් සභා මැතිවරණ කල් දැමීම ගැන ඉන්දියාව කනස්සල්ල පලකරයි .

ශ්‍රී ලංකාවේ පළාත් සභා මැතිවරණය දිගින් දිගටම කල් දැමීම ගැන ඉන්දියාව කනස්සල්ල පලකරයි .

ඒ අනුව අවස්ථා කිහිපයකදී කල් දමා ඇති ශ්‍රී ලංකාවේ පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙසත්, දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටුකිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදාළ ප්‍රතිපාදන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙසත් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කළ බවත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත්කළ නිවේදනයක් දැක්වෙයි .

ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී වික්‍රම් මිස්රි ඊයේ (05) ශ්‍රී ලංකාවට පැමිණි අතර ඔහු එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක සමග සාකච්චාවක් පැවැත්වීය . එම අවස්ථාවේදී මෙම ඉල්ලීම සිදුකළ බව එම නිවේදනයේ දක්වෙයි.

2017 සහ 2019 වසර වල කල්පිරුණ පළාත් සභා 9 ක මැතිවරණ මේ දක්වා පවත්වා නැත.