නීතිවිරෝධී ලෙස එකතු කර බියගම ප්රදේශයේ ගබඩා කර තිබූ ඩීසල් ලීටර් 19,060ක් අඩංගු බවුසර් දෙකක් පොලීසිය විසින් සොයා ගෙන ඇත . වැඩි දුරටත් කළ විමර්ෂනයේදී සිද්ධියට අදාලව සැකකරුවන් හතර දෙනෙකු අත්අඩංගුවට ගැනිමට කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සමත්ව ඇත .
අවුරුදු 20, 22, 32 සහ 42 යන වයස්වල පසුවන සැකකරුවන් හෙයියන්තුඩුව, තිහගොඩ සහ නෙළුම්දෙණිය යන ප්රදේශවල පදිංචිකරුවන් වේ.
පරීක්ෂණවලින් හෙළි වූයේ සැකකරුවන් බලපත්රයක් නොමැතිව ඉන්ධන ටැංකිවලින් ඩීසල් පිටතට ගැනීම සඳහා මාර්ගයේ ගමන් කරන ලොරි, ටිපර් ට්රක් සහ අනෙකුත් වාහනවල රියදුරන්ට මුදල් ගෙවා ඇති බවයි.
එලෙස ලබා ගන්නා ඉන්ධන සැකකරුවන් විසින් සකස් කරන ලද ටැංකිවල ගබඩා කර පසුව විකුණා ඇත.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ වාහනවලින් ඉන්ධන ලබා ගැනීමට භාවිත කරන ලද බැරල් 16ක් සහ රුපියල් 381,000ක මුදලක් ද පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබේ.