තමා සතුව ප්‍රබල සමාජ ප්‍රාග්ධනයක් පවතින බවත් . ඒ ඔස්සේ ඕනෑම මොහොතක මුදල් සපයා ගැනීමේ හැකියාව පවතින බව කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත පැවසීය .
ඔහු ඒ බව පැවසූවේ සිය නව නිවස සහ එහි පැවැත්වූ දානමය පින්කම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වන චෝදනාවලට පිළිතුරු දෙමින් අන්තර්ජාල නාලිකාවක පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි .
තමා එම නිවසේ පදිංචියට ගියේ 2024 වසරේදී බවත් පර්චස් 7ක සහ 6ක බිම් කොටස් දෙකක් එක්කර දීර්ඝ කාලයක් තිස්සේ මෙම නිවස ඉදිකළ එකක් බවත් ඔහු සඳහන් කරයි .
පසුගියදා එහි පැවැත්වුණේ සිය මියගිය දෙමාපියන් වෙනුවෙන් සංවිධානය කළ දානමය පින්කමක් විනා ගෙට ගෙවැදීමේ උත්සවයක් නොවනා බවත් ඔහු පැවසීය .
මුදල් සපයා ගැනීම එතරම් ගැටළුවක් නොවනා බවත්, අවශ්‍යතාවයක් වෙතොත් එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ පහ බැගින් පුද්ගලයන් සිය දෙනෙකුගෙන් සතියක් වැනි කෙටි කාලයක් තුළ රුපියල් ලක්ෂ 500ක් උපයා ගැනීමේ හැකියාව තමන් සතුව පවතින බවත්, ඒ සඳහා එක් දුරකථන ඇමතුමක් ලබා දීම පමනක් ප්‍රමානවත් බවත් ඔහු පැවසීය .