කිලිනොච්චිය, අරවියල් නගර් ප්රදේශයේදී අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී මෝටර් රියක් සහ දුම්රියක් ගැටීමෙන් මාරක අනතුරක් සිදුව ඇත . එම අනතුරින් අනතුරින් මෝටර් රථයේ ගමන්කළ 17 හැවිරිදි පදිංචි දැරියක් එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත්ව ඇත.
ගල්කිස්ස සිට කන්කසන්තුරය දක්වා ධාවනය වූ නගරාන්තර දුම්රිය මෙම අනතුරට මුහුණ දි ඇත. අනතුරින් මියගොස් ඇත්තේ සෙල්වනගර් ප්රදේශයේ පදිංචිකාරියක් බව පොලිස් ආරංචිමාර්ග පවසයි .
මෝටර් රථයේ ගමන් ගත් තවත් අවුරුදු 9 ක හා 16ක දැරියක් සහ දරුවෙකු තුවාල ලබා කිලිනොච්චිය රෝහල වෙත ඇතුළත් කළ ඇත. ඔවුන් එකම පවුලේ සාමාජිකයෝය .
අනතුරින් මෝටර් රථය පැදවූ පියාට සහ එහි ගමන් කළ මවට අනතුරක් සිදුව නොමැත.