තෙල් මිල පහත හෙළීමේ උත්සහය අසාර්ථකයි .

ඉහළ යන ඛණිජ තෙල් මිල ගණන් පහත හෙලීමේ උත්සාහයක් ලෙස සාමාජික රටවල් තම සංචිතවලින් තෙල් බැරල් මිලියන 400 ක් නිදහස් කිරීමට ඒකමතිකව එකඟ වී තිබුනද, අපේක්ෂා කළ ප්‍රමානයෙන් ඉන්ධන මිල පහත වැටී නැති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි .

ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය උපුටා දක්වන එම මාධ්‍ය ලබන සතියේ සිට සිය උපායමාර්ගික ඛනිජ තෙල් සංචිතයෙන් තෙල් බැරල් මිලියන 172 ක් මුදාහැරීමට එක්සත් ජනපදය තීරණය කර අති බව පසවසයි .

ජී.7 සංවිධානය සහ යුරෝපා සංගමයද මීට පෙර සිය ආරක්ෂක තොග මුදාහරිමින් තෙල් මිල පාලනයට උත්සහ ගත්තේය.