ඩලස් රනිල්ට බෑ කියයි

විපක්ෂයේ සියළු පක්ෂ සමග එක්ව ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් ලැබුණද එය පිළි නොගැනීමට නිදහස ජාතික සභාව තීරණය කර ඇති බව වාර්තා වේ.

ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව විසින් ඉදිරියේදී ගෙන ඒමට නියමිත ප්‍රතිත්‍රස්ත පනත, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම, මහ බැංකු පනත වැනි කාරණා සමඟ ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ විය නොහැකි නිසා මෙම තීරණය ගැනීමට එම කණ්ඩායම තීරණය කර තිබේ.

ඩලස් අලහප්පෙරුම, ජී.එල්. පීරිස් ඇතුළු ආණ්ඩු පක්ෂයේ සිට ස්වාධීන වූ මන්ත්‍රීවරුන් දහතුන් දෙනෙකු මෙම නිදහස ජාතික සභාව නියෝජනය කරයි. ඇහැළියගොඩදී පැවති දෙදින සමුළුවේදී මෙම තීරණයට එළඹ තිබේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *