ජනපති නියමයෙන් ඉන්ධන කෝටාව ඉහළට

අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් පවතින ඉන්ධන කෝටාව වහාම ඉහළ දැමීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විෂය බාර අමාත්‍යවරයාට උපදෙස් ලබාදී ඇති බව වාර්තාවේ . ඒ අනුව කියු.ආර් ඛේතය මත ලබදෙන ඉන්ධන කෝටාව අද සිට ඉහල දැමිමට නියමිතය.

නව කෝටාව අනුව සතියකට මගී ප්‍රවාහන ත්‍රීරෝද රථ සඳහා ලබාදෙන ලද ලීටර් 10ක ඉන්ධන කෝටාව ලීටර් 15ක් දක්වාද, සාමාන්‍ය ත්‍රීරෝද රථ සඳහා ලබාදෙන ලද ලීටර් 05ක ඉන්ධන කෝටාව ලීටර් 08ක් දක්වාද, යතුරුපැදි සඳහා ලබාදෙන ලද ලීටර් 04ක ඉන්ධන කෝටාව ලීටර් 07ක් දක්වාද, බස් රථ සදහා ලබාදෙන ලද ලීටර් 40ක ඉන්ධන කෝටාව ලීටර් 60ක් දක්වාද, කාර් රථ සඳහා ලබාදෙන ලද ලීටර් 20ක ඉන්ධන කෝටාව ලීටර් 30ක් දක්වාද, ඉඩම් වාහන (Land Vehicle) සඳහා ලබාදෙන ලද ලීටර් 15ක ඉන්ධන කෝටාව ලීටර් 25ක් දක්වාද, ලොරි රථ සඳහා ලබාදෙන ලද ලීටර් 50ක ඉන්ධන කෝටාව ලීටර් 75ක් දක්වාද, Quadric Cycle සදහා ලබාදෙන ලද ලීටර් 04ක ඉන්ධන කෝටාව ලීටර් 06ක් දක්වාද, විශේෂ කාර්ය වාහන (Special Purpose Vehicle) සඳහා ලබාදෙන ලද ලීටර් 20ක ඉන්ධන කෝටාව ලීටර් 30ක් දක්වාද, වෑන් රථ සඳහා ලබාදෙන ලද ලීටර් 20ක ඉන්ධන කෝටාව ලීටර් 30ක් දක්වාද ඉහළ දැමීමට පියවර ගෙන ඇත.

පෙර සැලසුම් කර උත්සව සමය වෙනුවෙන් වැඩි වන ඉන්ධන අවශ්‍යතාව කල් තබා ඇනවුම් කිරිම නිසා මෙම සහනය පාරිභෝගිකයන්ට ලබදීමට හැකිවූ බව ඛණිජ තෙල් සංස්ථා ආරංචි මාර්ග පවසයි

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *