ගාසා තීරයේ සිටින බ්‍රිතාන්‍ය වැසියන්ට දැනුම් දීමක්

ගාසා තීරයේ සිටින බ්‍රිතාන්‍ය වැසියන්ට ඊජිප්තුවට ඇතුළු වන ඇතුළුවන රෆා දේශසීමාව විවෘත කළහොත් පැමිණීමට සූදානමින් සිටින ලෙසට එරට රජය දැනුම් දී තිබේ.

ගාසා තීරයේ සිටින ජනතාවට එයින් පිට වීමට ඇති එකම මාර්ගය වන ගාසා හි දකුණෙන් පිහිටි හරස් මාර්ගය පිළිබඳව, හමාස් සංවිධානය, ඊජිප්තුව සහ ඊශ්‍රායල බලධාරීන් සමඟ සාකච්ඡා කරමින් සිටින බව බ්‍රිතාන්‍යය පවසා ඇත.

බ්‍රිතාන්‍ය සහ ද්විත්ව පුරවැසියන් මෙන්ම ඔවුන්ගේ බිරින්දෑවරු බිරින්දෑවරුන් දරුවන් රෆා දේශ සීමාව හරහා ගාසා තීරයෙන් පිටවීමට අවශ්‍ය කටයුතු හා සැලසුම් සැකසීමට ඊජිප්තු ජනපති අබ්දෙල් ෆටා අල් සිසී සහ අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කර ඇති බව වැඩිදුරටත් බ්‍රිතාන්‍ය රජය ප්‍රකාශ කරයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *