ගණිකා වෘතිය කියන්නේ පැය විසිහතරේ රැකියාවක් – ඩයනා ගමගේ

නයිට් ලයිෆ් යනු ගණිකා වෘත්තිය ලෙස ඇතමුන් සිතූවත් එය ඊට වඩා ඉඳුරාම වෙනස් බව සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ පැවසූවාය . සැබැවින්ම ගණිකා වෘත්තියට වෙලාවක් නැති බවත් අවශ්‍ය නම් පැය විසි හතරේම ඒ වෘත්තියේ යෙදිය හැකි බවත් පාර්ලිමේන්තුව අමතමින් ඇය පැවසූවාය .

ලෝකයේ රටක් දියුණු වන්න නම් රාත්‍රී ආර්ථිකයක් තිබිය යුතු බවත් ඕනෑම රටක 70% ක් ආදායම් ලබන්නේ රාත්‍රී ආර්ථිකයෙන් බවත් ඇය කියා සිටියාය. එංගලන්තයේ රාත්‍රී ආර්ථිකයෙන් පමණක් පවුම් බිලියන 66ක ආදායමක් ලබන බවත් ඇය වැඩි දුරටත් සඳහන් කළාය. කවුරුන් කෙලෙස කීවත් රාත්‍රී 10 ට වසනා රටක් කවදාවත් දියුණු නොවනා බව ඇය අවධාරණය කළාය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *