ඩිත්වා සුළි කුණාටුව නිසා ඇතිවූ ගංවතුර සහ නායයම්වලින් අතුරු දහන්ව ඇති 203 දෙනෙකු වෙනුවෙන් මරණ සහතික නිකුත් කිරීමට රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටී .
මේ පිළිබඳව අදහස් දක්වමින් රෙජිස්ට්‍රාර් ජනරාල් සසිදේවී ජලදිපන් පැවසූවේ මෙවැනි සිදුවීමකින් පසු දෙසතියක කාලයක් අතුරුදහන්ව සිටිනා පුද්ගලයන් වෙනුවෙන් මරණ සහතිකයක් නිකුත් කිරීමට ඉඩ සලසමින් දෙසැම්බර් 2 වන දා නිකුත්කළ ගැසට් නිවේදනයට අනුව මෙම මරණ සහතික නිකුත් කරනා බවත්, එමගින් වන්දි ගෙවීමේ යන්ත්‍රණය කඩිනම් වනු ඇතිබවත් ය.
යම් පුද්ගලයෙක් ගංවතුර සහ නායයාම්වලින් පසු අතුරුදහන්ව සිටිනා බව එම වසමේ ග්‍රාම නිළධරියා විසින් තහවුරු කළ යුතු බවත් අනතුරුව දිස්ත්‍රික් නියෝජ්‍ය රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා විසින් මරණ සහතිකය නිකුත් කරනා බව ඇය පවසන්නීය . විරෝධතාවයක් නොමැත්තේනම් අදාල අයදුම්පත ප්‍රාදේශීය ලේකම් විසින් කඩිනමින් අනුමත කරනු ඇති බව ඇය පැවසූවාය,,
මේවන විටත් ගංවතුර සහ නායයාම් වලින් මියගිය 611 දෙනාගෙන් 126 දෙනෙක් වෙනුවෙන් මරණ සහතික නිකුත්කර ඇතිබව රෙජිස්ට්‍රාර් ජනරාල් සසිදේවී ජලදිපන් පවසන්නීය .