දුම්රිය සේවාව කාර්යක්ෂම කිරීමේ අරමුණින් දුම්රිය එන්ජින් රියදුරු සහායක iii ශ්‍රේණියට බඳවා ගනු ලැබූ 100 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය ඊයේ (14) සිදුකර තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුවේ මානව හා භෞතික සම්පත් සංවර්ධනය කිරීම සඳහා ආරම්භ කර ඇති ජාතික වැඩපිළිවෙලට අනුගතව මෙම බඳවා ගැනීම සිදුකර ඇති බව දෙපාර්තමේන්තු ආරංචිමාර්ග පවසයි .
නව පත්වීම්ලාභීන් සඳහා පත්වීම් ප්‍රදානය නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මරදාන පිහිටි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තු මූලස්ථානයේ දුම්රිය ශ්‍රවණාගාරයේ දී සිදුකර විය
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහා මේ වසර තුල පමණක් විවිධ තනතුරු සඳහා 1,500 ක පමණ සේවක පිරිසක් බඳවාගෙන ඇත .