ක්ලැරන්ස්ට තහනමක් .

ආර්ට් මූවීස් (පීවීටී) ලිමිටඩ් සමාගමේ අවසරයකින් තොරව, අභාවප්‍රාප්ත ක්ලැරන්ස් විජේවර්ධනගේ ජීවිත කතාව පදනම් කරගත් රිදම් ඔෆ් ගිටාර් සිංහල චිත්‍රපටය පාදක කරගනිමින් සංගීත සංදර්ශන පැවැත්වීම, ඒවා වේදිකාගත කිරීම වළක්වමින්, කොළඹ වාණිජ මහාධිකරණය විසින්, සුරේෂ් මාලියද්ද සහ තවත් පස්දෙනෙකුට වාරණ නියෝගයක් නිකුත් කර තිබේ .

චිත්‍රපටයේ නිෂ්පාදක සමාගම විසින් ආරම්භ කරන ලද නඩුවකට අදාළව මෙම නියෝගය ලබා දී ඇත.

විත්තිකරුවන්, පාර්ශව කිහිපයක් සමඟ එක්ව කටයුතු කරමින්, නිෂ්පාදකයාගෙන් අවශ්‍ය අවසරය ලබා නොගෙන, ලන්ඩනයේ සහ තවත් විදේශීය නගරවල මහජන සංගීත සංදර්ශන මාලාවක් සැලසුම් කරන බවට ප්‍රචාරය කර ඇති බවත්, ඒවා රිදම් ඔෆ් ගිටාර් සංගීත සංදර්ශන ලෙස ඉදිරිපත් කර ඇති බවත් පැමිණිල්ලේ සඳහන් කර ඇත.

පවතින නිතිය නීතිය යටතේ, චිත්‍රපටයේ සියලුම ප්‍රකාශන හිමිකම් සහ ආර්ථික අයිතිවාසිකම් ප්‍රධාන වශයෙන් නිෂ්පාදකයා සතු බව පැමිණිල්ලේ සඳහන් වේ.

තුෂාරා සමන්පාලි අමරසිරිගේ උපදෙස් පරිදි, නීතිඥ අලි සබ්රි, ෂමිත් ප්‍රනාන්දු, ෂෙහානි අල්විස් සහ නාමික් නෆත් සමඟ පැමිණිලිකාර නිෂ්පාදන සමාගම වෙනුවෙන් පෙනීසිටියහ.