ක්‍රිකට් විවාදය අස්සේ සජිත් දේශපාලන දඩයමක

රොෂාන් රණසිංහ වැනි පිරිසිදු පුද්ගලයෙක් හට තමාගේ පක්ෂයේ දොර පැය 24 පුරා විවෘත බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවෙදී ඊයේ පැවසීය. කෙසේ වෙතත් වත්මන් ක්‍රීඩා ඇමතිවරයාගේ ධුර කාලයේදී ශ්‍රීලංකාවට රගර් සහ පාපන්දු ක්‍රීඩා ජාත්‍යන්තරව තහනම් කර ඇති බවත්, ඊට හේතුව ක්‍රීඩාවට දේශපාලන මැදිහත්වීම් සිදු කිරීම බවත් ක්‍රිඩා විචාරකයෝ පෙන්වාදෙති.

ක්‍රිකට් පාලනය කරනා දූෂිත කල්ලිය පලවා හැරීමේ ක්‍රියාවලිය පාර්ලිමේන්තුව ඒකමතිකව අනුමත වූ නමුත් ඒ පිළිබඳව ඡන්දය විමසීමට කථානායකවරයා ඉඩ නොදුන් බවත්, නමින් ඡන්දය භාවිතා කර සිය විරෝධය පලකිරීමේ අවස්ථාව එමගින් අහිමිවූ බවත්, කතානායකවරයාගෙ එම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගන්න බව විපක්ෂ නායකවරයා වැඩි දුරටත් පැවසීය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *