කලා ඔය පාලමේ මෙහෙයුම අවසන්. සියළු මගීන් මුදාගනී.

අනුරාධපුර-පුත්තලම මාර්ගයේ කලාඔය පාලම මත ගංවතුරට හසුවූ බස් රියේ සිටි සියළු මගින් නිරුපද්‍රිතව බේරාගත් බව ශ්‍රී ලංකා නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි .

බස් රිය පාලම මත නතර වීමෙන් පසු එම ස්ථානයට පැමිණි නාවික සෙබළුන් තිදෙනෙක් වීස්න් එහි සිටි මගීන් පළමුව බස් රියේ වහළයට නංවා ඇත. අනතුරුව එම පිරිස අසළ වූ නිවසක වහලයක් මතට නංවා ඇත . බස් රියේ විදෙස් කාන්තාවක ඇතුළු මගීන් 67 දෙනකු සිටි බවත් ඒ සියළු දෙනා ආරක්ෂක හමුදා නිලධාරීන් විසින් සාර්ථකව බේරාගෙන ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදා ප්‍රකාශකවරයා වැඩි දුරටත් පැවසීය .