කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව භාරදෙයි

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව, විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් විසින් භාර දී තිබෙනවා.

සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මදුදුම බණ්ඩාර, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුලත් කණ්ඩායමක් විසින් එම විශ්වාස භංග යෝජනාව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න මහතා වෙත භාර දීමට කටයුතු කළා.

මෙම විශ්වාසභංග යෝජනාවට මන්ත්‍රීවරුන් 44 දෙනෙකු අත්සන් තබා තිබෙන බවයි වාර්තා වන්නේ.