සැප්තැම්බර් 16 වැනිදා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්රස් නිර්මාතෘ, දිවංගත එම්. එච්. එම්.අෂ්රෆ් මැතිතුමාගේ 26 වැනි අනුස්මරණීය උත්සවය සහ පක්ෂ නියෝජිත මහ සමුළුව කාත්තාන්කුඩිය නගරයේ පැවත්වීමට නියමිතය.
දිවයින පුරා වෙසෙන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්රස් පක්ෂයේ නියෝජිතයින් ගේ 34 වන මහ සමුළුව 16 වැනි බදදා (අද) පෙරවරුවේදීත්, පස්වරුවේදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්රස් පක්ෂයේ නිර්මාතෘ හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත එම්.එච්.එම්. අෂ්රෆ් මැතිතුමාගේ 26 වන අනුස්මරණ උත්සවය මඩකලපුව දිස්ත්‍රික්කයේ කාත්තන්කුඩිය “හිස්බුල්ලා සංස්කෘතික ශාලාවේදී, පැවැත්වේ.
මෙම අනුස්මරණ උත්සවයේ ඉන්දියාවේ තමිල්නාඩු රාජ්‍යයේ සුළුජන කටයුතු පිළිබඳ අමාත්‍ය ඒ.එම්. සාජහාන් විසින් අනුස්මරණ දේශණය පැවත්වීමට නියමිතය.
පක්ෂ නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් විසින් අභාවප්‍රාප්ත නායක එම්.එච්.එම්. අෂ්රෆ්ගේ චරිතාපදාන හා වැදගත් කාර්ය භාර්යයන් පිළිබඳව එහිදී දේශනයක් පවත්වනු ඇත.
දේශීය හා විදේශීය සම්භාවනීය අමුත්තන් ඇතුළු රට පුරා විහිදී සිටින පාක්ෂිකයන් , අනූගාමිකයින් විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගී වීමට නියමිතය.