ජාත්‍යන්තරව අනුමත කරන ලද ඩෙංගු මර්දන එන්නතක් මඟින් මෙරට ඩෙංගු රෝග ව්‍යාප්තිය සැලකිය යුතු ලෙස අඩු කර ගත හැකි බව මීගමුව ඩෙංගු සහ ඩෙංගු රක්තපාත උණ සායනික කළමනාකරණ මධ්‍යස්ථානයේ නිර්මාතෘ සහ සායනික ප්‍රධානී, විශේෂඥ ළමා රෝග වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු පවසයි.
මෙම එන්නත දෙවන කාණ්ඩයේ ඩෙංගු වෛරසයට (DENV-2) එරෙහිව සියයට 90 කට වඩා වැඩි සාර්ථකත්වයක් පෙන්වන බව ද ඔහු සඳහන් කළේය. තමන් ද මෙම එන්නත නිපදවීමේ පර්යේෂණ කටයුතුවලට සම්බන්ධ වූවෙකු බැවින් ඒ පිළිබඳව බලාපොරොත්තුවෙන් සිටින බවයි.
දැනට රටවල් 41 ක පමණ භාවිත කෙරෙන, ජාත්‍යන්තරව අනුමත මෙම ඩෙංගු එන්නත ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට රජයේ අවධානය යොමුව ඇති බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කිරීමෙන් අනතුරුව වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මේ බව කියා සිටියේය.
මීට අමතරව විද්‍යාත්මකව ඔප්පු කර ඇති වොල්බැකියා මදුරු මර්දන ක්‍රමය ද මෙරටට හඳුන්වා දීමට රජය සලකා බලමින් සිටී.
“එන්නතකින් විතරක්ම ඩෙංගු රෝගය සම්පූර්ණයෙන්ම තුරන් කරන්න බැහැ. එන්නත කියන්නේ නිරාකරණයට තියෙන එකම විසඳුම නෙවෙයි. හැබැයි ඩෙංගු රෝගය නිසා ඇති වෙන බලපෑම සහ බාධාවන් විශාල වශයෙන් අඩු කරගන්න පුළුවන් සාර්ථක ක්‍රමයක්,” යැයි වෛද්‍ය ප්‍රනාන්දු පැවසීය.