එක දිනක් තුළ ඩෙංගු රෝගීන් 1069 ක් වාර්තා වෙයි .

ඉකුත් පැය 24 ක කාලය තුළදී මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛණාව 1069 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර සඳහන් කරයි .

මේවන විට මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 45,037ක් දක්වාද මරණ සංඛ්‍යාව 28 ක් දක්වාද ඉහළ ගොස් ඇත.

ඩෙංගු උණ රෝග ලක්ෂණ -:

තද උණ, වමනය/ඔක්කාරය, හිසරදය, අගපත වේදහාව, ඇස් යට වේදනාව. මුහුණ හා උඩුකය ප්‍රදේශය රත් පැහැයක් ගැනීම (පැහැපත් සමක් ඇති අය තුළ
පහසුවෙන් දැකිය හැක.)සම යට කුඩා ලේ (රතු පැල්ලම් සහ සුළු වශයෙන් සිදුවන ලේ ගැළිමේ තත්වයන්

දින දෙකකට වඩා උණ පවතීනම් සුදුසු වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලඛා ගන්න.