ඉන්ධන QR කේතය නැවත ගෙන ඒමට යයි.

රනිල් වික්‍රමසිංහ රජය විසින් හඳුන්වාදුන් ඉන්ධන ලබාගැනීම සඳහා වන QR කේතය ඉතාමත් නුදුරේ හදුන්වාදීමට ඛනිජ තෙල් අමාත්‍යංශය සූදානම් වන බව වාර්තා වේ .

ඒ සඳහා වන වැඩපිළිවෙළ මේවන විටත් අවසාන අදියරේ පවතින බවත්, ඒ අනුව ඒ ඒ වාහන සඳහා නියමිත ඉන්ධන කෝටාව තීරණය කර QR කේතය නැවත බලාත්මක කිරීමට නියමිත බවත් ඛණිජ තෙල් සංස්ථාවට සම්බන්ධ ආරංචි මාර්ග පවසයි .