ඉන්දියා-ජපාන සහයෝගීතාවයෙන් ශ්‍රී ලංකාවට ආධාර වැඩපිලිවෙලක් මිලින්ද මොරගොඩ යෝජනා කරයි

පාත්ෆයින්ඩර් පදනම නිර්මාතෘ මිලින්ද මොරගොඩ මහතා නවදිල්ලියේ කෙටි සංචාරයක නිරත වූ අතර එහි දී සුළි කුණාටු විපත්වලට පසු ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ හා පුණර්ජීවනයක් ඇති කිරීමේ ක්‍රියාවලිය ස`දහා ඉන්දියාවට නායකත්වය ගත හැකි බව පෙන්වා දී තිබේ.

ඉන්දීය විදේශ අමාත්‍යංශය හා අනන්තා පදනම කරන ලද ආරාධනාවක් අනුව ඉන්දියා -ජපන් සංසදයේ හතරවැනි සැසිවාරයට සහභාගී වූ හෙතෙම එහි දී ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජෙයශංකර්, මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාම්, ආරක්ෂක උපදේශක අජිත් දොවාල්, විදේශ ලේකම් වික්‍රම් මිශ්රි ඇතුළු ඉන්දීය ඉහළ පෙලේ ප්‍රතිපත්ති සම්පාදකයෝ මුණ ගැසිණ.

ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ හා ක්‍රියාවලිය ස`දහා ඉන්දියාවට නායකත්වය ගත හැකි අතර උපායශීලී හවුල්කරුවෙකු ලෙස ජපානයට සැලකිය යුතු කාර්ය භාරයක් ඉටු කළ හැකි බව ද මිලින්ද මොරගොඩ මහතා මෙහි දී වැඩිදුරටත් සඳහන් කර ඇත.

ඉන්දියාව හා ජපානය ගොඩනැගෙන සහයෝගීතාව තුළින් ආර්ථීක ආරක්ෂාව, වෙළදාම, න්‍යශ්ඨික බලය, ඩිජිටල්කරණය, ඛනිජ සම්පත් සහ ආයෝජන ක්ෂේත්‍රවල සැලකිය යුතු අවස්ථා අලූතින් අත්පත් කරගත හැකි බව ද මිලින්ද මොරගොඩ මහතා මෙම සංසදයේ පවත්වන ලද දේශනය අතරතුර ද ප්‍රකාශ කර ඇත. රටවල් අතර ද්වී පාර්ශවික හා බහු පාර්ශවික සබදතා ඉදිරියට ගෙන යා හැකි ආකාරය සම්බන්ධයෙන් නවතම පැතිකඩ ඉන්දීය -ජපාන සංසදය සමග පවතින බව ද දක්වා තිබේ.