වත්මන් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල 1988 වර්ෂයේදී පුහුණු නිලධාරියෙක් ලෙස පොලිස් දෙපාර්තමේන්තුවට බැඳුනද පසුකාලීනව ‘සන්නද්ධ අංශයේ නායකයෙක්’ ලෙස හෝ ‘ත්‍රස්තවාදියෙක්’ ලෙස ඔහුව සේවයෙන් ඉවත් කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පර්ලිමේන්තුවේදී අද පැවසීය .
ඔහු මෙම අදහස් පල කළේ, අද (23) පැවති පාර්ලිමේතු සභාවාරය අතරතුර අදහස් දැක්වූ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල දැක්වූ අදහසකට පිළිතුරු ලබාදෙමිනි .
ශ්‍රී ලංකාව ආරම්භයේ සිටම අපරාධකරුවන්ගේ දේශයක් බවට පත් වෙල තිබු බවත්, පහුගිය රජයන් එම තත්ත්වයන් පෝෂණය කළ බවත් අමාත්‍ය විජේපාල පැවසීය . ගෝණවල සුනිල්ට රනිල් වික්‍රමසිංහගේ නිර්දේශය මත මුලු දිවයිනටම සාම විනිසුරුකම් දීම ඊට උදහාරණයක් බවත් ඔහු පැවසීය . ජූලම්පිටියේ අමරෙට අධිකරණ වරෙන්තු 110 ක් තිබූ මුත් කිසිවෙක් ඔහු අත් අඩංගුවට නොගත් බවත් ඔහු පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ නව ප්රජාතාන්ත්රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පවසා සිටියේ අතීත කතා පවසනවනම් තමන්ටද බොහෝදේ කිව හැකි බවය .වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේ පැවසීය.
“යට ගිය දවස ගැන කියනවා නම් ඔබතුමා ගැනත් කියන්න පුලුවන්. ඔබතුමා 1988 පොලිස් දෙපාර්තමේන්තුවට බැඳුනා පුහුණු SI කෙනෙක් හැටියට . ඒත් බුද්ධි වාර්තා සහ CID වාර්තාවලින් ඔබතුමා පොලිසියෙන් නෙරපුවා. ඒ ඔබතුමා සන්නද්ධ අංශයේ නායකයෙක් නැත්තම් ත්‍රස්තවාදියෙක් හැටියට කටයුතු කරලා තමයි ඔබතුමාව පොලිසියෙන් නෙරපුවේ. ඔබතුමාගේ ජීව්ත කතාව අපි දන්නවා….”