ඇතුගල රක්ෂිතයට ගිනි තැබූ පෙම් යුවළ රිමාන්ඩ්.

කුරුණෑගල ඇතුලගල රක්ෂිතයට ඊයේ(18) ගිනි ඇවිලීමට හේතුවූ පෙම් හසුන් ගිනි තැබූ පෙම් යුවළ පොලිස් අත් අඩංගුවට පත්ව තිබේ . ගින්න පිළිබඳ වැඩි දුර සොයා බැලීමේදී මෙම යුවළ ගිනි තැබූ පෙම් හසුන් නිසා රකෂිතයට ගිනි ඇවිළුන බව පොලීසිය අනාවරණය කරගෙන ඇත.

අත් අඩංගුවට ගත් එම යුවල කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන විසි එක් වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කට ඇත . මෙම තරුණිය මාතලේ ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවත් තරුණය ගල්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත් වාර්තා වෙයි.

මේ ගින්න හේතුවෙන් රක්ෂිතයට බරපතල හානියක් සිදු වී ඇත.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *