දිවයින පුරා පවතින අයහපත් කාළගුණ තත්වය හේතුවෙන් අ.පො.ස. සාමාන්‍ය පෙළ 2023(2024) විභාගයේ පළමු අදියරේ ඇගයීම් කටයුතු ආරම්භක දිනය සංශෝධනය කර තිබෙනවා.
ඒ අනුව ජුනි මස 06 වැනි දින ආරම්භ වීමට නියමිතව තිබූ සා.පෙළ විභාගයේ පළමු අදියරේ ඇගයීම් කටයුතු ජුනි 08 වැනිදා ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
අයහපත් කාළගුණය ගේතුවෙන් උත්තර පත්‍ර ඇගයීම් කාර්යයෙහි නිරත වීමට නියමිත පරීක්ෂකවරුන්ට ඇගයීම් රාජකාරි සඳහා පැමිණීමේ දී සිදුවිය හැකි අපහසුතා සැලකිල්ලට ගෙනයි එලෙස දින සංශෝධනය කර තිබෙන්නේ.
ඒ අනුව උත්තර පත්‍ර ඇගයීම් කටයුතු ජුනි 08 දින සිට ජුනි 17 දින තෙක් දිවයින පුරා පිහිටි ඇගයීම් මධ්‍යස්ථාන 101 ක දී සිදු කරනු ලබන බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.