ජනාධිපතිවරයා සහ අධ්‍යාපන වෘත්තීය සමිති කිහිපයක් අතර සාකච්ඡාවක් අද (13) දිනයේ පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වෙයි. එහිදී නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළ කරුණු පිළිබඳව අවධානය යොමුවනු ඇතැයි වාර්තා වේ..
කෙසේවෙතත්, මෙම සාකච්චාවට කැඳවීම ප්‍රශ්ණ සහගත බව ඇතැම් වෘත්තීය සමිති පවසයි . ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ලංකා ස්වාධීන ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් චන්දිමාල් විජේරත්න මෙලෙස පැවසීය .
“ආණ්ඩුව කියන ඕනෑම දෙයකට කැමතිවෙන පිරිසකුත් ඉන්නවා. ඒ කණ්ඩායම සමග පමණයි ආණ්ඩුව සාකච්ඡා පවත්වන්නේ. අදත් සාකච්ඡාවක් තියෙනවා. ඒ සාකච්ඡාවට කැඳවලා තියෙන්නේ මේ ව්‍යාජ ප්‍රතිසංස්කරණ විරෝධීන් පමණයි.”
මේ අතර, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් හෝ ඒ සඳහා මොඩියුල සකස් කිරීමේදී ගුරු උපදේශවරුන්ගේ දායකත්වය මෙවර නොසලකා හැර ඇති බව සමස්ත ලංකා ගුරු උපදේශක සමිතියද චෝදනා කර සිටී..