පෙට්‍රල් වාහන හිමිකරුවන්ට අද (11) මධ්‍යම රාත්‍රියේ සිට 2026 අප්‍රේල් 18 වන දින දක්වා QR කේතය පදනම් කරගත් ඉන්ධන කෝටා ක්‍රමයයෙන් බහැරව ඉන්ධන ලබා ගත හැකි බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) පවසයි. සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇත.
කෙසේ වෙතත්, වාහනයේ අංක තහඩුවේ අවසාන අංකය මත පදනම්ව ඉන්ධන බෙදා හැරීම සඳහා ‘ඔත්තේ-ඉරට්ටේ’ අංක ක්‍රමය සුපුරුදු පරිදි සියලුම වාහන සඳහා ක්‍රියාත්මක වන බව CPC සභාපති D.J. රාජකරුණා පැහැදිලි කළේය.