මහබැංකු බැඳුම්කර වංචා නඩුවට අදාළව අධිකරණය හමුවේ පෙනී සිටීම මඟහැර සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සිය නීත්‍යනුකූල නාමය ‘හර්ජාන් ඇලෙක්සැන්ඩර්’ ලෙස වෙනස් කරගෙන ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි .
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තොරතුරු ලැබී ඇති තොරතුරු මගින් මේ බව තහවුරුව ඇති බවත්, අර්ජුන් මහේන්ද්‍රන් හට සිංගප්පූරු පුරවැසිභාවය හිමිව ඇති බවත්, එරට පවතින නීතිමය තත්ත්වය මත සිංගප්පූරු පුරවැසියෙකු වෙනත් රටකට උදර්පණය කිරීමේ හැකියාවක් නොමැති බවත්. අමාත්‍යවරයා පැවසීය . එම හේතුවෙන් අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට ගෙන ඒමට වෙනත් ක්‍රියාමාර්ගයකින් ඔහු ශ්‍රී ලංකාවට ගෙන ඒමට කටයුතු කරනා බවත් අමාත්‍යවරයා පැවසීය .
කෙසේ වෙතත්, අදාළ බැඳුම්කර නඩු කටයුත්ත මේ වන විටත් අධිකරණයේ විභාග වෙමින් පවතින බවත්, එමඟින් කරුණු රැසක් හෙළිදරව් වෙමින් පවතින බවත් සඳහන් කළ අමාත්‍යවරයා, මහේන්ද්‍රන් මෙරටට ගෙන ඒම අතහැර නැතිබවත්, ඒ සඳහා අවශ්‍ය පියවර අඛණ්ඩව ගනිමින් සිටිනා බවත් ඔහු වැඩිදුරටත් පැවසීය. රූපවාහිනී සාකච්චාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය .
2015 වසරේ සිදුවූ මෙම මහ බැංකු බැඳුම්කර වංචාවෙන් රජයට රුපියල් බිලියන 10කට අධික පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුව ලබන ඔක්තෝබර් 30 වැනිදා නැවත කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම නියෝග කර ඇත.