දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 640 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි . ඊට අමතරව පුද්ගලයින් 211දෙනෙකු තවදුරටත් අතුරුදන්ව ඇති බව එම මධ්‍යස්ථානය පවසයි
පැවති අයහපත් කාලගුණ තත්ත්වයෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපෑම් එල්ල වූ අතර පවුල් 473,138 කට අයත් 1,637,960දෙනෙකු ඉන් පීඩාවට පත්ව සිටි. ඊට අමතරව පවුල් 26,103කට අයත් පුද්ගලයින් 82,813දෙනෙකු සුරක්ෂිත මධ්‍යස්ථාන 847ක තවදුරටත් රදවා සිටින බව එම මධ්‍යස්ථානය පවසයි .