අම්පාරේ පාසැල් සිසුවෙක් වෙඩිතබාගෙන දිවි නසා ගනී

නිවසේ තිබූ අනවසර ගිනි අවියකින් වෙඩි තබාගෙන අම්පාර ප්‍රදේශයේදී පාසල් සිසුවෙකු සියදිවි හානිකර ගෙන ඇති බව පොලිස් ආරංචිමාර්ග පවසයි. මෙලෙස දිවි නසාගෙන ඇත්තේ අම්පාර මායාදුන්න ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි සිසුවෙකි .

පාසල නිමවී නිවසට පැමිණීමෙන් අනතුරුව මෙම සිසුවා නිවස පිටුපස පිහිටි ස්ථානයකට ගොස් වෙඩි තබාගෙන ඇති බව මුලික විමර්ශන වලදී අනාවරණය වී ඇත . නිවසේ තිබූ බෝර 12 ගිනිඅවියකින් මෙම වෙඩි තැබීම සිදුකරගෙන ඇති බව පොලිසිය පවසයි.

වෙඩි තබා ගැනීමට හේතුව මෙතුවක් අණාවරණය වී නැත. අම්පරා පොලිසිය වැඩි දුර පරීක්සණ පවත්වයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *