අද පාර්ලිමේන්තුව කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට ආරම්භ කර තිබේ.
එහිදී, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත, වරාය හා ගුවන්තොටුපොළ සංවර්ධන බදු පනත, විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත, ආනයන හා අපනයන පාලන පනත සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් පනත යටතේ රෙගුලාසි කිහිපයක් සම්මත කරගැනීමට නියමිතව තිබේ.
මේ අතර ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාදායක සභාව අද දහවල් රැස්වීමට නියමිතය.
මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු අනෙකුත් ස්වාධීන කොමිෂන් සභා හතර සඳහා නව සාමාජිකයන් පත්කිරීම පිළිබඳ එහිදී තීරණයක් ගැනීමට නියමිත බව ද වාර්තා වේ.