අංක තහඬු ගැටළු සහිත වාහන හිමියන්ට ඉන්ධන ලබා ගැනීමට ක්‍රමයක් .

වාහන අංක තහඩුවේ අවසාන අංකයට අනුව ඉන්ධන නිකුත් කිරීමේ නව ක්‍රමවේදය යටතේ, වාහනයේ අනන්‍යතාව තහවුරු කර ගැනීම සඳහා අනුමත ලේඛනයක් ළඟ තබා ගන්නා ලෙස මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා වාහන හිමියන්ට දැනුම්දෙයි .

කෙසේවෙතත් පසුගිය කාලසීමාවේ පැවති ප්‍රසම්පාදන දුෂ්කරතා හේතුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් නිල අංක තහඩු නිකුත් කිරීම ප්‍රමාද වීම හේතුවෙන් ඇතැම් වාහන හිමියන් විවිධ ආකාරයේ තාවකාලික අංක තහඩු භාවිතා කරන බැවින්, ඉන්ධන පිරවුම්හල්වලදී අනන්‍යතාව තහවුරු කර ගැනීමේදී ඇති විය හැකි ගැටලු වළක්වා ගැනීමට මෙම පියවර ගෙන ඇති බව ඔහු වැඩි දුරටත් පැවසීය .

එ අනුව අවශ්‍ය අවස්ථාවලදී වාහන හිමියන් විසින් වාහන ආදායම් බලපත්‍රය, වාහනයේ ලියාපදිංචි සහතිකය (පොත), වාහන රක්ෂණ සහතිකය සහ වාහන දුම් පරීක්ෂණ සහතිකය යනාදිය නිල ලේඛනවලින් එකක් ලෙස ඉදිරිපත් කළ යුතුය.