සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන මාකදුරේ මධුෂ් ඝාතන සිද්ධියේ විමර්ශනයකට අදාළව අභියාචනා අධිකරණය නියෝගයක් නිකුත්කර තිබේ.
ඒ අනුව සී සී ඩී හිටපු අධ්යක්ෂ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජනක් නන්දන ඇතුළු හතරදෙනෙකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින්, අභියාචනාධිකරණයෙන් සී අයි ඩී අධ්‍යක්ෂකට අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත.