රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක ඇප මත මුදාහැරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය .
ඇප ලබාදෙන අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා සිය නියෝගයේ සඳහන් කර තිබුණේ දෙවැනි සැකකරු වන සමන් ඒකනායක මෙම වරදෙහි දෙවෙනි මට්ටමේ වරදකරු බවට පෙනී යන බවත්, පලවෙනි විත්තිකරු වූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇප මත මුදහැර ඇති බැවින් දෙවෙනි විත්තිකරු බන්ධනාගාර ගතකර තැබීම සාධාරණ නොවන බවත් ය .
එම තත්ත්වය සුවිශේෂි තත්වයක් ලෙස සලකා සමන් ඒකනායක රුපියල් මිලියන දෙක බැගින් වූ ශරීරය ඇප දෙකක් මත මුදාහරින ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.