හැකර්වරුන් ගත්ත මුදලින් කොටසක්වත් ආපසු ලබාගන්න උත්සහ ගන්නවා.

සයිබර් අපරාධකරුවන් විසින් මුදල් අමාත්‍යාංශයෙන් අත්පත් කරගත් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලෙන් හැකි ප්‍රමාණයක් යළි ලබාගැනීමට උත්සහා කරන බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අද (23) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මෙම හැකර්වරුන් ඊමේල් හරහා අදාළ පද්ධතියට පිවිස ඇති බවත්, මෙම සිදුවීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු තානාපතිවරයා සහ ණයහිමියා ද දැනුවත් කළ බවත් අමාත්‍යංශ ලේකම්වරයා අවධාරණය කළේය.

මාස කිහිපයක උත්සහයකින් පසු හැකර්වරුන් අමාත්‍යංශයේ පරිඝණක පද්ධතියට ඇතුළු වී ඇතිබවද ඔහු පැවසීය .