හර්ෂට ඇති තර්ජන ගැන හොයන්න CID විමර්ශනයක්

කටුනායක ගුවන්තොටුපළේ වීසා ගණුදෙණුව සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීම නවත්තන ලෙස කියමින් රජයේ මුදල් පිළිබද කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාට තර්ජන එල්ල කරන කණ්ඩායම පිළිබඳ සී.අයි.ඩී. විමර්ශනයක් කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබෙනවා.

ඊයේ (08) පාර්ලිමේන්තුවේ දී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේ තමාට විරුද්ධව තර්ජන ඇති බවත් ඒ ගැන වහාම සොයා බලා තම ආරක්ෂාව වැඩි කරන ලෙසයි.

ඒ අනුව හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී කළ එම ප්‍රකාශය මූලික කරගමිනිමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ශනයක් ආරම්භ කරන ලෙසයි මහජන ආරක්ෂක අමාත්‍යවරයා පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී ඇත්තේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!