වත්මන් කම්කරු ඇමතිගේ සමයේ විදෙස් ශ්‍රමිකයින්ගෙන් රටට ඩොලර් බිලියන 11.3 ක්

මීට වසර 15කට පෙර ඕස්ට්‍රේලියාවෙ මොනෑශ් විශ්ව විද්‍යාලය ශ්‍රී ලංකාව තුළ එහි ශාඛාවක් පිහිටුවීම සඳහා පැමිණෙන විට ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් එය ශ්‍රී ලංකාව තුළ ඉදිකිරීමට ඉඩ නොදුන් බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසනවා.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (07) ‘ජයගමු ශ්‍රී ලංකා’ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් වැඩසටහනට සහභාගි වෙමින්.

මොනෑශ් විශ්ව විද්‍යාල පද්ධතියක් මේ වන විට මැලේසියාවේ පවතින බවත් එය එම රටේ සම්පූර්ණ ජාතික ආදායමට ඩොලර් බිලියන දෙසීය හතළිහක් පමණ ලැබී ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

මැලේසියාව විශ්ව විද්‍යාල රැසක් සමග විශ්ව විද්‍යාල මධ්‍යස්ථානයක් බවට අද පත්ව ඇති බව ඒ මහතා අවධාරණය කරනවා.

එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේ,

”ඒ අවස්ථාවට පයින් ගහලා මොනෑශ් විශ්ව විද්‍යාලය අපේ රටෙන් එළවල දැම්මේ මේ රටේ ආර්ථික ඝාතකයෝ.

අද මේ රටේ අම්මල තාත්තලා පිටරට ගිහිල්ලා දුක් විඳින්නේ ඒ නිසයි. මේ මාස ගාණටම ඔවුන් ඩොලර් බිලියන දොළහක් එව්වා. ඊට සාපේක්ෂව ලංකාවේ ණය ඩොලර් බිලියන හැත්ත අටයි සියල්ල. මැලේසියාවට ගිය මොනෑශ් විශ්ව විද්‍යාලය මීට අවුරුදු පහළොවකට ඉස්සෙල්ලා අපිට ලංකාවට තියා ගන්න පුළුවන් වුණා නම් අද ලංකාවම අයිඑම්එෆ් යන්න ඕන වෙන රටක් නෙමෙයි.

දරුවන් තනි කරලා අම්මලා තාත්තල රට යන්න ඕන රටක් නෙමෙයි. පිටරටින් විදේශ විනිමය අපට එන්නේ අධ්‍යාපන මධ්‍යස්ථානයක් විදියට. ඒක අපිට නැති කළේ අර ආර්ථික ඝාතකයෝ.” යනුවෙනි.

විදේශගත ශ්‍රමිකයින් මැයි මාසයේදී පමණක් ඩොලර් මිලියන 544.4 ක් ,මේ අවුරුද්ද ඇතුළත ඩොලර් බිලියන 2.624ක් සහ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා කම්කරු අමාත්‍යාංශය භාරගත් දිනයේ සිට ඩොලර් බිලියන 11.3 ක් රටට ඒවා ඇති බව වැඩිදුරටත් වාර්තා වනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!