යු ටියුබ්කරුවෙක් වන සුදත්ත තිලකසිරි විසින් සිය ‘Talk with Sudantha’ යූටියුබ් නාලිකාව මගින් සිදුකළ අපහාසාත්මක ප්රකාශයන්ට එරෙහිව රුපියල් මිලියන සියයක වන්දි මුදලක් ඉල්ලා මාධ්‍යවේදිනී දිල්කා සමන්මලීගේ නීතීඥවරු විසින් එන්තරවාසියක් යොමුකර ඇත .
දශක දෙකකට ආසන්න කාලයන් සම්මානනීය මාද්ද්යවේදිනියක් ලෙස ශ්‍රීලාංකිකයන්ගේ ගෞරවයට පාත්‍ර වූ තම සේවාදායිකාවගේ පෞද්ගලික ජීවිතයට සහ කීර්තිනාමයට විශාල හානියක් එකී ප්‍රකාශය මගින් සිදුව ඇති බව එම නීතීඥ මණ්ඩළය පෙන්වාදෙති .
විශේෂයෙන්ම ඇයගේ පියා සහ ස්වාමිපුරුෂයාගේ නම් සඳහන් කරමින්, ඇයගේ ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය සහ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි ඔපෙරා හවුස් පරිශ්‍රය පදනම් කරගනිමින් සිදුකළ එකී අපහාසාත්මක ප්‍රකාශය වාචික ලිංගික හිංසනයක් බව ඕවුහු පෙන්වා දෙති .
ඒ අනුව මෙම එන්තරවාසිය මගින් ඉල සිටින වන්දි මුදල නියමිත කාලය තුළ ගෙවීමට සුදත්ත තිලකසිරි අපොහොසත් වන්නේ නම්, රුපියල් බිලියනයක වන්දි මුදලක් ඉල්ලා දිසා අධිකරණයේ නඩු පැවරීමට ද බලාපොරොත්තු වන බව දිල්කා සමන්මලීගේ නීතීඥයො පවසති .
මෙම සිද්ධියට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවත්, එය මාර්ගගත ක්‍රමවේදයන් පිළිබඳ සුරක්ෂිත පනත යටතේ විමර්ශනය වෙමින් පවතින බව ඔව්හු පවසති.
සුදත්ත තිලකසිරි ඕස්ට්‍රෙලියාවේ ස්ථිර නේවාසික බලපත්රයා හිමි අයෙක් බැවින් ඔහුට විරුද්ධව ඕස්ට්‍රෙලියානු නීතිය ක්‍රියාත්මක කරන්නැයි දිලා සමන්මලීගේ පියා ඕස්ට්‍රේලියානු පොලීසියට පැමිණිළි කර ඇත .
හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රීවරියක් වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ප්රමුඛ කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රෙලියානු මහකොමසාරිස් හමුවී සුදත්ත තිලකසිරි ඕස්ට්‍රේලියානු ස්ථිර නේවාසික බලපත්‍ර හිමියෙක් බැවින් ඔහුට එරෙහිව ඕස්ට්‍රේලියාවේ නීතිය ක්‍රියාත්මක කරනා ලෙස ඉල්ලා ඇත .