ශ්‍රී ලංකන් හිටපු CEO කපිල චන්ද්‍රසේන අත් අඩංගුවට .

අක්කස් හො දූෂණ වලැක්වීමේ කිමිසම විසින් අත් අඩංගුවට ගෙන කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඊයේ ඉදිරිපත් කළ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත .

ශ්‍රීලංකන් ගුවන් සමාගමට එයාර් බස් යානා මිලදී ගැනීමේදී ඩොලර් මිලියන 2ක අල්ලසක් ලබාගත්තේයයි ඔහුට එරෙහිව චෝදනා එල්ලව ඇත. එම සිද්ධියට අදාල්ව සිදුවෙමින් පවතින විමර්ෂණයට අදාලව ප්‍රකාශයක් ලබාගැණීම සඳහා අල්ලස් හී දූෂණ වලැක්වීමේ කොමිෂන් සභාව හමුවට ඊයේ දිනයේ ඔහු කැඳවා තිබුනි .

පැය 7කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාගැනීමෙන් අනතුරුව අල්ලස් කොමිසම විසින් ඔහු අත් අඩංගුවට ගෙන ඔහු අනතුරුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පමුණවනු ලබීය .