වෛද්‍ය වර්ජනය අත් හිටවයි .

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද (31) පෙ.ව. 8.00 ට ආරම්භ කිරීමට නියමිතව තිබූ දිවයින පුරා වැඩ වර්ජනය තාවකාලිකව අත් හිටව ඇත . සෞඛ්‍ය බලධාරීන් සමඟ පැවති සාර්ථක සාකච්ඡාවකින් පසුව මෙම තීරණය ගත්බව එම සංගමය පවසයි .

සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය නලින්ද ජයතිස්ස, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ සංගමයේ නියෝජිතයින් අතර ඊයේ පස්වරැවේ (30) පැවති විශේෂ හමුව අපේක්ෂාකළ පරිදි සාර්ථක වූ බවත්,එබැවින් කැඳවා තිබූ වර්ජනය අත් හිටවූ බවත් එම සංගමය වැඩි දුරටත් පවසයි.

පිළිගත් ක්‍රියාපටිපාටියෙන් බැහැරව ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළ ආන්දෝලනාත්මක වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු කිරීම් අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍යංශය එකඟතාව පළ කර ඇත. ඒ අනුව ඉදිරියේදී පිළිගත් සම්ප්‍රදායට අනුව නිස්චිත කාල වකවානුවක් තුළ ස්ථාන මාරු ක්‍රියාව්ට නැංවීමට නියමිතය .

ඒ අනුව, එකඟතා පිළිබඳ ලිඛිත තහවුරු කිරීමක් ලැබෙන තෙක් වැඩ වර්ජනය අත්හිටුවීම දවල් 12 දක්වා තාවකාලිකව දීර්ඝ කිරීමට සංගමයේ විධායක සභාව තීරණය කර ඇත.
කෙසේ වෙතත්, එකඟ වූ කොන්දේසි ක්‍රියාත්මක නොකළහොත්, ඕනෑම අවස්ථාවක වැඩ වර්ජනය නැවත ආරම්භ කිරීමට තමන්ට අයිතිය ඇති බවට රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය අවධාරණය කරයි.