වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති කරනවාට සෞඛ්‍ය ලේකම් හරහට හිටී.

ජාතික ඖෂධ නියාමන අධිකාරියට (NMRA) නව සභාපතිවරයෙකු පත්කිරීමේ කාර්යයට බාධා රැසක් පැමිණීම නිසා නව සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ බරපතල අර්බුදයකට මුහුණ දෙමින් සිටින බව වාර්තා වේ.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස ප්‍රකට වෛද්‍යවරයෙකු වන වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පත් කිරීමට අමාත්‍යවරයාට අවශ්‍ය වී තිබූ මුත්, මේ වන විට ඊට විකල්ප නම් දෙකක් යෝජනා වී ඇතිබවත් වාර්තාවේ. කෙසේවෙතත් එම නම් දෙක සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා එකඟව නැති මුත්, ඔහුට ඒ සඳහා එකෙඟ වන්නැයි ප්‍රබල බලපැමක් අතිවෙමින් තිබෙනා බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචිමාර්ග පවසයි .

මේවන විට විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම එම ධූරයට පත්කිරිමට අමාත්‍යවරයා තීරණය කර ඇතත්, පත්වීම් ලිපිය භාරදීමට අමාත්‍යාංශ ලේකම්වරයා සූදානම් නොවීම හේතුවෙන් වෛද්‍ය ආනන්ද විජේවික්‍රම වෙත පත්වීම් ලිපිය ලබාදීමට ඊයේ සංවිධානය කර තිබූ උත්සවය අවලංගු කර ඇතිබව වාර්තාවේ.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වත්මන් සභාපති මහාචාර්ය එස්.ඩී. ජයරත්නට පසුගිය කාලය තුළ ප්‍රමිතියෙන් බාල ඖෂධ ගෙන ඒම සම්බන්ධයෙන් චෝදනා රැසකට මුහුණ දීමට සිදු විය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *