ගුරු හිඟය වවාගෙන කන්න ගිය කණ්ඩායමක් ගැන සී.අයි.ඩි යට පැමිණිළි

ගුරු හිඟය සම්බන්ධයෙන් අධිකරණයට ගොනු කර ඇති පෙත්සම් සඳහා බව පවසමින් පිරිසක් ෆේස්බු ඔස්සේ මුදල් එකතු කිරීමේ ජාවාරමක් පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය අපරාධ පරීක්සණ දෙපාර්තමේන්තුවට පැමිණිළි කර ඇත .

රජයේ පාසල්වල පවතින උපාධිධාරී ගුරු හිඟය විසඳීමට ගෙන ඇති ක්‍රියාමාර්ග ව්‍යර්ථ කිරීම සඳහා උපාධිධාරී සංවර්ධන නිලධාරීන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම් සඳහා මුදල් සොයා ගැනීමට මෙම කුමන්ත්‍රණය කරමින් සිටින බව අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

2018 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් සමථය මත විදුහල්පතිවරුන් 4700ක් පත් කිරීමට අමාත්‍යාංශය පියවර ගන්නා ලද මුත්, නැවත නඩු පවරමින් පත්වීම් ප්‍රමාද කර මුදල් එකතු කිරීමේ අරමුණින් මෙම පිරිසක් කටයුතු කරන බව වාර්තා වේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *