විමල්ගේ පොත ප්‍රබන්ධයක් – ඇමරිකානු තානාපතිනිය පවසයි

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ගාළු මුවදොර අරගලය පිළිබඳ රචිත ” 9 – සැඟවුන කථාව” කෘතිය මගින් එක්සත් ජනපදයට එරෙහිව එල්ල කරන ලද චෝදනා ප්‍රතික්ෂේපකරනා ශ්‍රී ලකාවේ ඇමරිකානු තානාපතිනී ජූලී චංග් ඒ පිළිබඳ සිය කනස්සල්ල පලකරන්නීය.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඇට පවසනුයේ මෙම චෝදනා ‘පදනම් විරහිත’ ඒවා වන අතර මන්ත්‍රීවරයාගේ “ප්‍රබන්ධ” ලෙස ලේබල් කළ යුතු පොතක අමූලික බොරු පතුරුවා හරින බවය.

“වසර 75ක් තිස්සේ එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදය, ස්වෛරීභාවය සහ සමෘද්ධිය සඳහා සහයෝගය ලබාදෙමින් කටයුතු කර අත. ඉදිරියේදීද එකී සහයෝගය අඛණ්ඩව පවත්වාගෙන යාමට අප බලාපොරොත්තු වන්නෙමු.” ඇය සිය ට්වීටර් පණිවිඩයෙන් පවසන්නීය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *