වාද්දුවේදී දුම්රිය හරස් මාර්ගයක බිහිසුණු අනතුරක්.

වාද්දූව ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් සිදු වූ අනතුරකින් බරපතල තුවාල ලද යුවලක් පානදුර රෝහකට ඇතුලත්කරනු ලැබීමෙන් අනතුරුව කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යවා ඇත .

මරදානේ සිට ගාල්ල බලා ධාවනය වූ දුම්රියේ මෙම මෝටර් රථය ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත . අනතුරින් තුවාල ලැබූ දෙදෙනා 26 හැවිරිදි වියේ පසුවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි .