වසන්ත මුදලිගේට වරෙන්තු .

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ‍ අත්අඩංගුවට ගන්නා ලෙස මහර ප්‍රධාන මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වරෙන්ත් නිකුත් කළාය .

කැලණිය විශ්ව විද්‍යාලය ඉදිරිපිට දී උද්ඝෝෂණයක් පවත්වා මහජන පීඩාවක් කළැයි කියන සිද්ධියකට අදාළව අධිකරණයේ පෙනී නොසිටිම නිසා මෙසේ ඔහුට වරෙන්තු නිකුත් කරන ලදි .

ඩී. එම්. චාමික අසේල , ජේ ඒ. ජුඩ් ක්‍රිශාන්ති, ඩබ්ලිව්. එම්. යශෝද් ලක්ෂාන්, ඩබ්ලිව්. කේ. සමීර සම්පත්, එම්. එම්. රසික දිල්හාර, එස්. ඒ. ක්‍රිශාන්ත සුභසිංහ, ජනිත් ජනජය, සංජය හෙට්ටිමුල්ල හා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ යන නවදෙනා මෙම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත .

නීති විරෝධී රැස්වීමක සාමාජිකයින් වීම, රජයට විරැද්ධව කැරලි ගැසීම, නීති විරෝධී රැස්වීමක් විසිර යාමට නිත්‍යානුකූල බලධරයකු විසින් දැනුම් දී තිබියදීත් එම ස්ථානයේ රැදී සිටීම, ඇතුළු චෝදනා කිහිපයක් කිරිබත්ගොඩ පොලිසිය විසින් ඔවුනට එරෙහිව අධිකරණය හමුවේ ගොනු කර තිබේ .