වර්ජන මඩින්නට හමුදාවට විශේෂ පුහුණුවක්..?

කඩාකප්පල්කාරී ක්‍රියා වල නොයෙදෙන්නැයි වෘත්තීය සංගම් වෙතින් ඉල්ලා සිටින බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සඳහන් කරයි.

ඉදිරියේදී වැඩවර්ජන ක්‍රියාත්මක වුවහොත් ඒ සඳහා යුද හමුදාව යෙදවීමට පුහුණු කරමින් පවතින බවට වාර්තා වන්නේ යයි මාධ්‍යවේදීන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ජනජීවිතය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ඔ්නෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට රජයක් ලෙස පසුබට නොවන බවයි.

අත්‍යාවශ්‍ය මහජන සේවාවන් පවත්වාගෙන යාම රජයේ වග කීම බවත්, පුද්ගල අවශ්‍යතාමත ක්‍රියා කිරීමෙන් රටට වූ විනාශය දැක ගත හැකි වු බවත් ඔහු පැවසීය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *