වරප්‍රසාද රැකගන්න ඇතැම් භික්ෂූන් වහන්සේලා සඟ සමුළුව මගහැරියා

තමන්ට ලැබෙන වරප්‍රසාද නොලැබේවි යැයි බියෙන් ඇතැම් නායක හිමිවරුන් අද පැවති සංඝ සම්මේලනයට නොපැමිණි බව නාරාහේන්පිට අභයාරාම විහාරාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසූහ .

වරප්‍රසාද අහිමිවේ යැයි බියෙන් පසුවන භික්ෂුන්වහන්සේලා සහ මහනායක හිමිවරුන් අමතමින් උන්වහන්සේ සඳහන් කළේ තමා හඳුනන දානපති දායකයින් ලවා උන්වහන්සේලාගේ අඩුපාඩු සම්පූර්ණ කර දිය හැකි බවයි.

මේ වන විට සංඝයාවහන්සේලා හට ඇතිවී ඇති විපත් වළක්වා ගත හැක්කේ මහා සංඝරත්නයටම පමණක් බැවින් මේ ලොහොතෙ ඉදිරිපත්වීම වැදගත් බව රැස්ව සිටි භික්ෂූන්වහන්සේලා අමතමින් ආනන්ද හිමියෝ පැවසූහ .

මෙම ස්ථානයට විවිධ දේශපාලන පක්ෂ නායකයින් පැමිණ සිටියද ඒ කිසිවෙකුටවත් අසුන් ගැනීමට ආසනයක් ලබා නොදුන් බවත් ආසන සියල්ල පනවා ඇත්තේ මහාසංඝරත්නයට බවත් උන්වහන්සේ පෙන්වා දුන්හ .