ලලිත් කොතලාවලට මරණ තුනක් ?

ලලිත් කොතලාවල මහතා මියගිය වේලාවන් තුනක් සටහන්ව ඇති බැවින් මරණය තවදුරටත් සැක සහිත බව ගෝල්ඩන් කී සමාගමේ තැන්පත්කරුවකු අධිකරණය හමුවේ සඳහන් කර තිබෙනවා.

,කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගේ සටහන් අනුව මධ්‍යම රාත්‍රී 00.58 ට ද පොලිස් වාර්තාවේ අනුව උදෑසන 3.55 ද මරණය සිදුවූ වේලාවන් ලෙස සටහන් කර ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.

වෙනත් අධිකරණ ලේඛනයක වෙනත් වේලාවක් සටහන් කර ඇති බවද ඔහු පවසා තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!