ලංකාවෙ ඇඟැළුම් කර්මාන්තය අර්බුදයක

මේ වන විට ඇගලුම් ක්ෂේත්‍රයේ අතිව තිබෙනා ගැටළු සම්බන්ධයෙන් ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම අදහස් දක්වීය.

ශ්‍රී ලංකාවට ලබෙනා ඇඟලුම් ඇනවුම් ප්‍රමාණයේ යම් අඩුවක්දැක ගත හැකිබවත්. විශේෂයෙන් බ්‍රිතාන්‍ය සහ අමෙරිකාවේ ඇනවුම් ප්‍රමණය පහත වැටී ඇති බවත් ඔහු පවසයි .

ඊට හේතුව ලංකාවේ පවතින දේශපාලන ආර්ථික තත්ත්වය නොව්දනා බවත්, කොවිඩ් වසංගතයෙන් පසු ලෝපුරා දැක ගත හැකිවූ ආර්ථික අර්බුදය ඊට හේතුව බවත් ඔහු පවසයි. එම රටවල් මුහුණ දෙන ආර්ථික ගැටළු නිසා ශ්‍රි ලංකාවේ කම්හල් මෙම තත්ත්වයට මුහුනදී අති බව ඔහු පැවසීය.

එහෙත් එම තත්ත්වය නිසා කර්මාන්තශාලා වසා දැමිය යුතු නොවනා බව පැවසූ ඔහු එවැනි තත්ත්වයකට පත්වුණොත් ආයෝජන මණ්ඩලය හරහා අවශ්‍ය සහන ලබා දී ඒ ආයෝජකයින් සහ කම්හල් තව දුරටත් පවත්වාගෙන ගිය හැකිබවත් ඔහු පැවසීය. කෙසේ වෙතත් ත්‍රිකුණාමලය සහ මාන්කුලම්, පරන්තන් සහ කන්කසන්තුරේ කියන ප්‍රදේශවලත්, වයඹ පළාතේ ඉරණවිල සහ බිංගිරිය කියන ප්‍රදේශවලත් නව කර්මාන්තපුර හයක් ඇති කිරීමට මේ වන විට කටයුතු සම්පාදනය වෙමින් පවතින බවත් ඔහු පැවසීය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *